News

උසස් පෙළ ප්‍රතිඵල ලබන මස 10 වනදාට පෙර

2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.

පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමත් අවදානම්

පාසල් පද්ධතිය තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරිම හේතුවෙන් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වාදෙන්නේ පාසල්වල ජංගම දුරකතන භාවිතය තහනම් කළ යුතු බවට යුනේස්කෝ සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ ඇබ්බැහිවීම සහ දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබද අවධානය යොමුකරමින් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා,

“පාසල් තුළ දුරකථන භාවිතය තහනම් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ ආයතනය විසින් මෑතකදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කොවිඩ් වසන්ගතයත් එකක්ක අපි දැක්කා පාසල් තුළ දුරකථන භාවිතය, ඒ වාගේම පාසලින් ගිහිල්ලා දුරකථන භාවිතය, ඒ වාගේම විවිධ ටැබ් වර්ග සහ වෙනත් ඩිජිටල් උපාංග භාවිතය.

දරුවෝ ප්‍රායෝගික ජීවිතයෙන් අයින් වෙලා අනිත් දරුවොත් එක්ක ගැටෙන කාලය අඩුවුනා . ඒ වගේම පොත පත පාඩම් කරන කාලය අඩුයි. ඒ වගේම ගුරුවරු සමග ගැටෙන කාලය අඩුයි. තිරයක් මත ජීවිතයේ කාලය ගතකිරීම නිසා ඔවුන් මේ තිරය මත ගතකරන කාලය වැඩිවීම තුළින් ම ඒවාට ඇබ්බැහි වීමේ හැකියාවකුත් තියෙනවා. මෙන්න මේකත් බලපානවා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට. ඒ වගේම ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනයට අහිතකර විදියට මේ තත්ත්වය බලපාන්නත් පුළුවන්.”

(අද දෙරණ)

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්.

නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අධිකරණයේ තහනම් නියෝග හේතුවෙන් ගුරු – විදුහල්පති බඳවා ගැනීම් තවදුරටත් ප්‍රමාද වන බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිළිකාව නසන්න ඖෂධයක්

(Please Share)

කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් පිළිකා සෛල නැසීමට හැකි පෝෂක ඖෂධයක් නිෂ්පාදනය කර තිබේ.

මෙම ඖෂධය නිපදවා වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ රෝගීන්ට ලබා දී ඇති බවත් ඔවුන්ගේ ප්‍රතිචාර ඉතා සුබදායී මට්ටමක පවතින බවත් ඔහු මේ පිළිබද සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

එමෙන්ම මේ වන විට මෙම ඖෂධය නිෂ්පාදනය කිරීමේ බලය කොළඹ විශ්වවිද්‍යාලය විසින් දේශීය සමාගමකට පවරා ඇති බවත් නිෂ්පාදනය කරන ලද ඖෂධ රෝගීන් වෙත නිකුත් කිරීමේ දී එම කටයුතු සම්බන්ධීකරණය වෛද්‍යවරුන් හරහා ම සිදු කිරීමට අවශ්‍ය කටයුතු ද සලසා ඇති බවත් මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලෝක බාලදක්ෂ ජම්බෝරිය

(ලංකාදීප) 

දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28)  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2023 අගෝස්තු මස 01වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ Saemangeum හි දී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට  සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ 2048 වන විට ශ්‍රී  ලංකාව ද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මෙම සංචාරයේ දී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන් ද දායක කර ගැනීමට සියලුදෙනා ක්‍රියා කළයුතු බවත්ය.

සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී සහ උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදී ද පැවැත්වීමට නිර්දේශයක්.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට උසස් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සකස් කළ නිර්දේශ ඇතුළත් වාර්තා 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

වතුකරයේ අවුරුදු තුනේ දැරියක් ලෝක වාර්තාවක් තියයි

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවු 03 ක් වයසැති දැරියක් සමත් වි ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස (06) දින ඉදිරිපත් වි ඇත.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සංගීතය, නැටුම් සහ නාට්‍ය හා රංග කලාව යන විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව යළි සඳහන් කිරිමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන මස 2 වන දා සිට 12 වන දා දක්වා අදාළ විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ඒ අනුව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 1355 ක දී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අයදුම්කරුවන්ට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2024 නව පාසල් වාරයේ ආරම්භය ගැන දැනුම්දීමක්.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්, 2024 නව පාසල් වාරය පිළිබඳ දැනුම්දීමක් සිදු කරනවා. එහි දැක්වෙන්නේ 2024 නව පාසල් වාරය 2024 පෙබරවාරි මාසයේ 21 වනදා ආරම්භ කරන බවය.