ලෝක බාලදක්ෂ ජම්බෝරිය

(ලංකාදීප) 

දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28)  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2023 අගෝස්තු මස 01වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ Saemangeum හි දී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට  සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ 2048 වන විට ශ්‍රී  ලංකාව ද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මෙම සංචාරයේ දී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන් ද දායක කර ගැනීමට සියලුදෙනා ක්‍රියා කළයුතු බවත්ය.